Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th March 2025 20:51:47 Hours

231 වන පාබල බලසේනාව වෙතින් හිගුරක්ගොඩ ධර්මපාල බෝසත් ළමා නිවාසයේ දරුවන් හට රාත්‍රී ආහාරය ලබා දීමේ වැඩසටහනක් පවත්වයි.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මඟපෙන්වීම සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 231 පාබල බලසේනාවට අයත් භටපිරිස් , 2025 .03. 08 වන දින හිගුරග්ගොඩ ධර්මපාල බෝසත් ළමා නිවාසයේ දරුවන් හට රාත්‍රී ආහාරය සපයන ලදි.

මෙම වැඩසටහන  සදහා ජ්‍යෙෂ්ඨ ,කණිෂ්ඨ නිළධාරීන් සහ සෙසුනිළයින්ද සහභාගී විය.